නව අගමැති මහින්දට ලොව පුරා විදෙස් නායකයින්ගෙන් උණුසුම් සුබපැතුම්
තුන්වන වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා වෙත විදෙස් නායකයින් සුබපැතුම් එක්කරනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබපැතුම් එක්කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසන්නේ දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක්කරනවා. දෙරට අතර ඓතිහාසික මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා කටයුතු කරන බවයි ඒ මහතා පවසනා ඇත්තේ.
මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබපැතුම් එක්කරන නේපාල අග්‍රාමාත්‍ය කේ පී ශර්මා ඔලී මහතා පවසන්නේ සාර්ථක ධුර කාලයක් ප්‍රාර්ථනා කරන බවයි. දෙරට අතර සබදතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමගව සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පවසනවා.
මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත සුබපැතුම් එක්කරනවා. අග්‍රාමාත්‍යවරයා සමග යළිත් වරක් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා සදහන් කරන්නේ.
The post නව අගමැති මහින්දට ලොව පුරා විදෙස් නායකයින්ගෙන් උණුසුම් සුබපැතුම් appeared first on ITN News.