අභාවප්‍රාප්ත දී. මූ ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට
හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත දී මූ ජයරත්න මහතාගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. දේහය අවසන් ගෞරව පිණිස පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා එහි තැන්පත් කර තැබෙනවා.
කීර්තිමත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක යුගයේදීම ඊට එක්වූ ඒ මහතා පක්ෂයේ මෙන්ම රටේ උන්නතිය වෙනුවෙන් ඉමහත් මෙහෙයක් ඉටුකළා.
විවිධ අමාත්‍යධුර දැරූ ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2010 වසරේදීයි. ගම්පොල දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීමට එක්වුණා. අභාවප්‍රාප්ත දි. මු. ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගම්පොල දොලුව ක්‍රීඩාංගනයේදී හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.
The post අභාවප්‍රාප්ත දී. මූ ජයරත්න මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට appeared first on ITN News.