පාකිස්තාන – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (22) ආම්භ වුනා.
බ්‍රිස්බේන්හි ගැබා ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පළමු දිනයට තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවි ලකුණු 240ක් රැස් කළා. ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ශාන් මසූඩ් සහ නායක අසාර් අලී එක්ව ගොඩ නැගු සබදතාව ලකුණු 75ක්. අසාර් අලී ලකුනු 39ක් සහ ශාන් මසූඩ් ලකුණු 27ක් ලබා ගත්තා.
අනතුරුව ලකුණු 03ක් තුළ පාකිස්තාන ඉනිමේ කඩුලු 04ක් දැවී යාම විශේෂත්වයක්. අසාඩ් ශෆික් ලකුණු 76ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවිමේදී මිචෙල් ස්ටක් කඩුලු 04ක් සහ පැට් කමින්ස් කඩුලු 03ක් බිද හෙලුවා.
The post පාකිස්තාන – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද appeared first on ITN News.