හුස්ම ගන්නත් ඉන්දියානුවන් මුදල් ගෙවයි
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇතුලු ප්‍රදේශ රැසක ඔක්සිජන් වායුව අලෙවි කිරීම ද ආරම්භ කර තිබෙනවා. මෙසේ ඉන්දියාව තුළ ඔක්සිජින් වායුව අලෙවි කිරීම සිදුවන්නේ පළමු වරටයි..
වායු දූෂණය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ නවදිල්ලි නගරයේ පසල් වසා දැමීම, ඉදිකිරීම් කටයුතු අත්හිටුවීම හා රථ වාහන ධාවනය අවම කිරීම යන විසඳුම්වලට එළඹීමට එරට බලධාරින්ට සිදුවුණා. කෙසේ වුව ද වායු දූෂණය අවම කිරිමට එම ක්‍රියාමාර්ග ප්‍රමාණවත් වි නැහැ. ඒ හේතුවෙන් ඔක්සිජන් වායුව අලෙවි කිරීම සඳහා සේවා ආයතන රැසක් පිහිටුවනු ලැබුවා.
විනාඩි 15 ක කාලයක් සඳහා ඔක්සිජන් වායුව ශ්වසනය කිරීමට ඉන්දීය රුපියල් 300 ක මුදලක් අය කරන බවයි වාර්තා වන්නේ. අදාළ ආයතනවලට ගොස් නළ මාර්ගයෙන් ඔක්සිජන් වායුව ශ්වසනය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
The post හුස්ම ගන්නත් ඉන්දියානුවන් මුදල් ගෙවයි appeared first on ITN News.