ප‍්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් බවට සැකකරන තුන් දෙනෙකු කේරල ගංජා සමග අත්අඩංගුවට
කේරල ගංජා තොගයක් සමග පුද්ගලයන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදුකළ වැටලීමකදී. මුල්ලේරියාව අඹතලේ ප‍්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් සතුව තිබී කේරල ගංජා කිලෝග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 600 ක ප‍්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහායකයන් තුන් දෙනෙකු බවටයි සැක මතුව ඇත්තේ.
ඒ පිලිබදව මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනවා.
The post ප‍්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් බවට සැකකරන තුන් දෙනෙකු කේරල ගංජා සමග අත්අඩංගුවට appeared first on ITN News.