රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට එක්වන්නැයි ජනපතිගෙන් සමාජ ජාල ක්‍රියාකාරීන්ට ඇරයුම්
රටත් තමාත් ජයග්‍රහණය කරවිම සඳහා කැපවීමෙන් ක්‍රියා කළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සිය ප්‍රණාමය පිරිනමනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ජනාධිපතිතුමා සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම හා වැඩ කරන රටක් බිහි කිරීමේ වැඩපිළිවෙළට මෙම සියලු දෙනාගේ සහාය තවදුරටත් ඉල්ලා සිටින බවයි ප්‍රකාශ කරන්නේ. රටක් වශයෙන් ලද මෙම සුවිසල් ජයග්‍රහණයට සෘජුව හා වක්‍රව නිරන්තරයෙන් කැපවී ක්‍රියා කළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිතුමා සඳහන් කරනවා.
The post රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට එක්වන්නැයි ජනපතිගෙන් සමාජ ජාල ක්‍රියාකාරීන්ට ඇරයුම් appeared first on ITN News.