උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට පත්කර තිබෙනවා.
බදුල්ල සිට නුවර දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක් හීල්ඔය දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වුණා. දුම්රිය එන්ජිම මාර්ග දෙක හරහා රැඳීතිබූ බැවින් උඩරට මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වනවිට අවශ්‍ය පීලිගත කිරීම් සිදුකර මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත්කර තිබෙනවා.
The post උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට appeared first on ITN News.