ඇමරිකා උප ජනාධිපති හදිසි ඉරාක සංචාරයක
ඇමරිකා උප ජනාධිපති මයික් පෙන්ස් හදිසියේ ඉරාකයට පැමිණියා. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් නොසන්සුන්වූ ඉරාකයේ බටහිර කොටසේ අල් අසාද් හමුදා මුරපොළේ සංචාරයකට ඔහු එක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
සිය පළමු ඉරාක සංචාරය අතරතුරදී ඇමරිකා උප ජනාධිපතිවරයා ඉරාක අග‍්‍රාමාත්‍ය ආදෙල් අබ්දුල් මාදි සමඟ දුරකථන සංවාදයක ද නිරතව තිබෙනවා. එක්සත් ජනපදය සහ ඉරාකය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගත හැකි නව මාර්ග කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බවයි ඉරාක අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට ප‍්‍රතිචාර ලෙස රජයේ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියක් හදුන්වාදෙන බව ඉරාක අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා. ඉරාකයේ සේවය කරන තම රට වැසියන්ට කෘතගුණ සැලකීමක් ලෙස හදිසි සංචාරය සිදුකරන බවයි ඇමරිකා උප ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
The post ඇමරිකා උප ජනාධිපති හදිසි ඉරාක සංචාරයක appeared first on ITN News.