නයිනමඩුව රක්ෂිතයේ අනවසරයෙන් කැනීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට
පුලියන්කුලම නයිනමඩු රක්ෂිතයේ අනවසරයෙන් කැනීම් සිදුකළ හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුවයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සැකකරුවෙකු පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැනීම් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවුණා. සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අවුරුදු 28 ත් 56 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. එක් සැකකරුවෙකු එල්ටීටීඊ සංවිධානයට අනුයුක්ත කර සිට පුනරුත්ථාපනය ලැබූ අයෙකු බවට ද තොරතුරු අනාවරණ වුණා. ඔවුන් අද වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post නයිනමඩුව රක්ෂිතයේ අනවසරයෙන් කැනීම් කළ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.