ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශයේ විරෝධතා
ගෘහස්ථ හිංසනයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස එරට රජයට බලකරමින් ප‍්‍රංශයේ දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.
නීති තදින් කි‍්‍රයාත්මක නොකිරීම පිළිබඳව ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ට ද විරෝධතාකරුවන් දැඩිව චෝදනා කළා. ප‍්‍රංශය පුරා පැවැත්වෙන විරෝධතා, පාගමන් සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ විවිධ සංගම් 70 ක පමණ නියෝජිතයන් සහභාගීවී සිටිනවා. මෙය ප‍්‍රංශ ඉතිහාසයේ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි විශාලතම පාගමන ලෙසයි සැලකෙන්නේ.
The post ගෘහස්ථ හිංසනයට එරෙහිව ප‍්‍රංශයේ විරෝධතා appeared first on ITN News.