හෙලිකොප්ටරයක් හා මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුන් දෙදෙනා (Video)
රත්නපුර කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකු හෙලිකොප්ටරයක් හා මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට සමත්වී තිබෙනවා.
එම විද්‍යාලයේ තාක්‍ෂණික දිනයට සමගාමීව පැවති විද්‍යා හා තාක්‍ෂණ ප්‍රදර්ශනයේදී මෙම හෙලිකොප්ටරය ගුවන් ගත කිරීමට නියමිත තිබුණ ද ඊට පොලීසියේ අවසරය නොලැබීම හේතුවෙන් ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 13 වන ශ්‍රේණියේ තාක්‍ෂණ විෂය හදාරන තරුෂික දිලන්ක ශිෂ්‍යයා මෙම හෙලිකොප්ටරය නිර්මාණය කර ඇති අතර ඒ සදහා වැය වූ මුදල රුපියල් දෙලක්‍ෂ පනස්දහසක්. මේ අතර එම විද්‍යාලයේම 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සසදුන් තත්සර ශිෂ්‍යයා ද මෝටර් රථයක් නිර්මණය කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ සිසුන් දෙදෙනාම එකම පවුලේ සහෝදරයන් වීමයි. රජයෙන් හෝ යම් ආයතනයකින් තමන්ට අනුග්‍රහය ලැබෙනවා නම් මෙම නිර්මාණවල තාක්‍ෂණය තවත් දියුණු කළ හැකි බව මෙම සිසුන් පවසනවා. මෙම නිර්මාණ සදහා ඉවතලන යකඩ කොටස් යොදා ගැනීම විශේෂත්වයක්.
The post හෙලිකොප්ටරයක් හා මෝටර් රථයක් නිෂ්පාදනය කළ සිසුන් දෙදෙනා (Video) appeared first on ITN News.