සාමාන්‍ය පෙළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු ලබන බදාදා රාති‍්‍රයෙන් අවසන්
අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු ලබන බදාදා (27) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.
සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 වනදා සිට 12 වනදා දක්වා මධ්‍යස්ථාන 4987 කදී පැවැත්වෙනවා. ඊට පෙනීසිටින අයදුම්කරුවන් සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටක්. පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ අසූ තුන්දහස් නවසිය පනස් අට දෙනෙකු ද ඒ අතර වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විභාගයේ සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 541 ක් කි‍්‍රයාත්මකයි. විශේෂ විභාග මධ්‍යස්ථාන 8 ක් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ.
කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, හෝමාගම වටරැක සුනීත විද්‍යාලය, රත්මලාන අන්ධ විද්‍යාලය, තංගල්ල, හලාවත සහ මාතර එම විශේෂ මධ්‍යස්ථාන කි‍්‍රයාත්මක කෙරෙනවා. සාක් කී‍්‍රඩා උළෙලට සහභාගී වන කී‍්‍රඩකයන්ට ඇතුලත් අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ මධ්‍යස්ථානයක් කි‍්‍රයාත්මක වන්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල විභාග ශාලාධිපතිවරුන්, සම්බන්ධීකාරකවරුන් සහ සහකාර සම්බන්ධීකාරකවරුන් පුහුණු කිරීමේ විශේෂ සැසියක් අද (23) පැවැත්වෙනවා.
The post සාමාන්‍ය පෙළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු ලබන බදාදා රාති‍්‍රයෙන් අවසන් appeared first on ITN News.