ස්වාමීන් වහන්සේ රට වෙනුවෙන් පෙරමුණ ගනිද්දී කිසිවෙකුටත් රට විනාශ කරන්න බැහැ
ස්වාමීන් වහන්සේ රට වෙනුවෙන් පෙරමුණ ගනිද්දී කිසිවෙකුට රට විනාශ කිරීමට නොහැකි බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ පවසනවා. එය මෙවර ජනාධිපතිවරණයෙන් ද ඔප්පු වූ බවයි අම්බලන්තොට දී පැවැති උත්සවයකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ.
ජපානයේ එම් බී යූ සරසවිය ජාත්‍යන්තර සබදතා වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙකු වෙත ආචාර්ය උපාධියක් පිරිනැමුවා. එම උපාධිය හිමිකර ගත් අම්බලන්තොට සුනිල් ගමගේ මහතා වෙත සුබපැතුම් එක්කිරීමේ උත්සවයක් පූජ්‍ය පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post ස්වාමීන් වහන්සේ රට වෙනුවෙන් පෙරමුණ ගනිද්දී කිසිවෙකුටත් රට විනාශ කරන්න බැහැ appeared first on ITN News.