එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
බලංගොඩ සිට නෝර්වුඩ් දක්වා එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් අඩි 50 ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
බලංගොඩ සිට එළවළු ප්‍රවාහනය කළ මෙම රථය ප්‍රපාතයට පෙරළී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ චැපල්ටන්වත්ත ප්‍රදේශයේදීයි. ප්‍රධාන මාර්ගය හරහා ගමන් ගත් ඌරන් රංචුවක් මග හැර යාමට උත්සාහ දැරීමේදී කැබ් රථය මාර්ගයෙන් ඉවතට විසිවී තිබෙනවා. ඒ සමග කැබ් රථය ප්‍රපාතයට පෙරළී ඇති බවටයි පොලීසිය ප්‍රකාශ කළේ. අනතුර හේතුවෙන් ප්‍රවාහනය කරමින් තිබූ එළවළු විනාශයට පත් වූ අතර කැබ් රථයේ රියදුරු හා සහායකට අනතුරක් නොමැති බව පොලීසිය සදහන් කළා.
The post එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි appeared first on ITN News.