ඇමෙරිකාවේ මහල් ගොඩනැගිල්ලක තිබී පුද්ගල සිරුරක් හමුවෙයි
ඇමෙරිකාවේ මහල් ගොඩනැගිල්ලක තිබී පුද්ගල සිරුරක් හමුවී තිබෙනවා. එය වසර 3 ක් පමණ පැරණි බවයි සොයාගෙන තිබෙන්නේ.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මහල් ගොඩනැගිල්ලකින් මෙම සිරුර සොයාගෙන තිබෙනවා. ඇමෙරිකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ සිරුරක් බවටයි මෙය හඳුනාගෙන තිබෙන්නේ. ඔහු පවුලෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බව සඳහන්. එම ප්‍රදේශයේ නිවාස සංකීර්ණවල ජලය භාවිත නොකළ නිවාස ඒකක පිළිබඳ සොයාබැලීමේදීයි මෙම සිරුර හමුවී තිබෙන්නේ. පවුලේ සාමාජිකයින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මෙය වසර 3කටත් වඩා පැරණි බවට හෙළිවී තිබෙනවා.
The post ඇමෙරිකාවේ මහල් ගොඩනැගිල්ලක තිබී පුද්ගල සිරුරක් හමුවෙයි appeared first on ITN News.