කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ ගුවන් අනතුරක්
පුද්ගලයන් 19 දෙනෙකු රැගත් කුඩා ගුවන් යානයක් කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
බිසී බී නමැති දේශීය ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. කොංගෝ හි ගෝමා ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුවුණා. මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මෙතෙක් හෙළිවී නැහැ. බෙනී හි ගෝමා ගුවන්තොටුපොළ ආසන්නයේ ජනතාව ගැවසෙන ප්‍රදේශයකට මෙම ගුවන් යානය කඩා වැටී තිබෙනවා. මගීන් 17 දෙනෙකු හා ගුවන් යානයේ සේවකයන් දෙදෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ එහි සිට ඇති බව සදහන්. කොංගෝ ජනරජයේ නිරන්තරයෙන් ගුවන් අනතුරු සිදුවනවා. ප්‍රමාණවත් ප්‍රමිතීන් නොතිබීම හා යටිතල පහසුකම් යාවත්කාලීන නොකිරීම නිසා මෙම අනතුරු සිදුවන බවයි වාර්තා වන්නේ. අනතුරට ලක් වූ ගුවන් යානය අයත් බිසී බී සමාගම ඇතුලු කොංගෝවේ ගුවන් සමාගම් කිහිපයක් යුරෝපා සංගමය තුළ තහනම් කර තිබෙනවා.
The post කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ ගුවන් අනතුරක් appeared first on ITN News.