හොංකොං මැතිවරණයෙන් විපක්ෂය ඉදිරයෙන්
හොංකොං හි දිස්ත්‍රික් සභා සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් මේ වන විට හොංකොංහි විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රහිතවාදී පෙරමුණ ඉදිරයෙන් සිටිනවා.
ඡන්දය භාවිත කිරීමට මිලියන 4.1ක පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා. ඡන්ද දායකයින් දැඩි උනන්දුවකින් මෙවර ඡන්දය සඳහා ඉදිරිපත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ. සංඛ්‍යා ලේඛණවලට අනුව ප්‍රජාතන්ත්‍ර හිතවාදී අපේක්ෂකයින් මේ වන විට ආසන 278 ක් දිනා ඇති අතර බීජිං හිතවාදී පක්ෂයේ අපේක්ෂකයන් දිනා ඇත්තේ ආසන 42 ක් පමණයි. හොංකොං හි පැවති විරෝධතා හේතුවෙන් ඡන්ද අවලංගු කිරීමේ අවදානමක් තිබුණද ඡන්ද විමසීම සාමකාමීව පැවති බව එරට වාර්තා සඳහන් කරනවා.
The post හොංකොං මැතිවරණයෙන් විපක්ෂය ඉදිරයෙන් appeared first on ITN News.