ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක පත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක ග්‍රාන්ට් ෆ්ලවර් පත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ග්‍රාන්ට් ෆ්ලවර් පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙන් මීට පෙර කටයුතු කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණු දකුණු අප්‍රිකා ජාතික මිකී ආතර් ලබන මස 04 වනදා වැඩභාර ගැනිමට නියමිතයි. පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මීකි ආතර්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරිමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්තානය 2017 වසරේදී අයිසීසී ශුරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ද හිමි කර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවිමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියා ජාතික ඩේවිඩ් සෙකර් පත් කිරිමටයි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ධූරයට සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු නායක පත් කෙරේ appeared first on ITN News.