කොංගෝ රාජ්‍යයේ ගුවන් අනතුරකින් 25 දෙනෙකු ජිවිතක්ෂයට
කොංගෝ රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කුඩා මඟී ප‍්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි එරට වාර්තා පවසන්නේ.
ගුවන්ගත කර සුළු වේලාවකින් යානය කඩාවැටී තිබෙනවා. දේශීය පෞද්ගලික ගුවන් සමාගමක යානයක් මෙලෙස අනතුරට ලක්වුණා. ඉන් දිවිගලවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඇතුලු දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
The post කොංගෝ රාජ්‍යයේ ගුවන් අනතුරකින් 25 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.