නිශාන්තද සිල්වා විදෙස්ගත වීම ගැන පොලිසියේ ප්‍රකාශය අද
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා පොලිස් මූලස්ථානයේ අනුමැතියකින් තොරව සිය දරු පවුල සමඟ විදේශ ගත වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද දිනයේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා පසුගිය රජය සමයේ දේශපාලනික උවමනා මත ආන්දෝලනාත්මක සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කළා. එහිදී ඔවුන්ට චෝදනා එල්ල වූයේ ඒක පාර්ශවික ලෙස දේශපාලනික උවමනාවන් මත එම පරික්ෂණ සිදු කරන බවටයි. පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා සිය බිරිද සහ දරුවන් තිදෙනා සමඟ ඊයේ දහවල් 12.50ට පමණ ස්විස් ගුවන්සේවයට අයත් ඩබ්ලිව් කේ. 0065 දරණ ගුවන්යානයෙන් ස්විස්ටර්ලන්තය බලා පිටව ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොලිස් මූලස්ථානයට කිසිඳු දැනුම්දීමකින් තොරව නිශාන්තද සිල්වා විදේශගතව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අද දවසේදී මාධ්‍ය හමුවේ කරුණු දක්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
The post නිශාන්තද සිල්වා විදෙස්ගත වීම ගැන පොලිසියේ ප්‍රකාශය අද appeared first on ITN News.