සරත් විජේසූරියට එරෙහි නඩුව කැඳවීමට අභියාචනාධිකරණය දින දෙයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළව සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ගොනු කළ නඩුවක් ජනවාරි 14 වනදා කැදවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම චෝදනාවට එරෙහි විරෝධතා ලබන මස අවසන් වීමට පෙර ගොනු කරන ලෙසයි අභියාචනාධිකරණය වගඋත්තර පාර්ශ්වයට නියෝග කළේ. නීතිඥවරයෙකු වන සම්පත් විජිතකුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන අනිල් වසන්ත යන අය මෙම නඩුව ගොනුකර තිබෙනවා. මහාචාර්ය සරත් විජේසූරිය මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
The post සරත් විජේසූරියට එරෙහි නඩුව කැඳවීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.