ටිකිරි කොබ්බෑකඩුව මහතා රාජකාරී අරඹයි
සබරගමු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස විලීගමගේ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා.
ප්‍රථමයෙන් ඓතිහාසික පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය වෙත පැමිණි ටිකිරි කොබ්බෑකඩුව මහතා බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමීන්වහන්සේ මුණගැසී ආශිර්වාද ලබා ගත්තා. නව ආණ්ඩුකාරවරයා සිය කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කළේ ඉන් අනතුරුවයි.මැතිඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
මේ අතර දකුණු පළාත් නව ආණ්ඩුකාරවයා ලෙස විලීගමගේ මහතා රාජකාරි කටයුතු ආරම්භ කළා. ඒ සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයි. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ටිකිරි කොබ්බෑකඩුව මහතා රාජකාරී අරඹයි appeared first on ITN News.