නවසීලන්ත කන්ඩායමට ලකුණු 65ක ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 65ක ජයක් වාර්තා කිරිමට නවසීලන්ත කන්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 353ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා කඩුලු 09ක් දැවි ලකුණු 615ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. බිජේ වොට්ලින් ලකුණු 205යි. මිචෙල් සැන්ටිනර් ලකුණු 126ක් ලබා ගත්තා. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 262ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට එම ඉනිම සඳහා සියලු ක්‍රිඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු197ක් පමණයි.
The post නවසීලන්ත කන්ඩායමට ලකුණු 65ක ජයක් appeared first on ITN News.