ජනපතිට ආශිර්වාද පතා විදෙස් රටවල ශ්‍රි ලාංකිකයන් ආගමික වැඩසටහන් සංවිධානය කරයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා විදෙස් රටවල සිටින ශ්‍රි ලාංකිකයන්ද ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
ජනාධිපතිතුමා ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකිකයන්ට සෙත් පතා බෝධිපූජා පින්කමක් ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනෝන් ධර්මදීප විහාරයේදී පැවැත්වුණා. සුරකිමු ලංකා සංවිධානයේ මැදිහත් වීමෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. මෙල්බන් නුවර කොන්සල් ජෙනරාල් කපිල ෆොන්සේකා මහතා ඇතුළු විශාල පිරිසක් බෝධි පූජා පින්කමට සහභාගී වී සිටියා. මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකළ ධර්ම දීප විහාරස්ථානයේ විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියේ රට දැය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යම අවස්ථාවේ අනාගත දැක්මක් සහිත නායකයෙකු ජනතාව පත්කර ගෙන ඇති බවයි.
The post ජනපතිට ආශිර්වාද පතා විදෙස් රටවල ශ්‍රි ලාංකිකයන් ආගමික වැඩසටහන් සංවිධානය කරයි appeared first on ITN News.