රුවන්වැලි මහා සෑයේ නව චුඩා මාණික්‍ය පැළඳවීම අද
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ නව චුඩා මාණික්‍ය නිරාවරණය අද සිදු කෙරෙනවා. ඒ මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.
වසර 80කට පසුව ඓතිහාසික රුවන්වැලි මහසෑරඳුන්ට පැළද වූ රන් පාදම සහිත නව චූඩා මාණික්‍යය නිරාවරණය කිරීමේ පුන්‍ය මහෝත්සවය අද පෙරවරුවේ සිදු කෙරෙනවා. අනතුරුව දහවල් සංඝගත දක්ෂිණාවක් සහ ආශිර්වාද පූජාවක් ද පැවැත්වීමට නියමිතයි. රොක් ක්‍රිස්ටල් නමැති දුර්ලභ පාෂාණයකින් අංලකාරවත් කැටයම් සහිතව මෙම චූඩා මාණික්‍ය නිමකර තිබෙනවා. ඕස්ට්‍රියානු සමාගමකින් රොක් ක්‍රිස්ටල් නමැති පලිගු පාෂාණය ලබා ගෙන තිබෙනවා. චුඩා මාණික්‍යයයේ පාදම නිර්මාණය කර ඇත්තේ රත්‍රන් යොදා ගනිමින්. ඒ සදහා පිරිසිදු රත්‍රන් කිලෝග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් යොදා ගැනුණා. නව චූඩා මාණික්‍ය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සහ කුරුණෑගල ඇත්කද විහාරයේදී ජනතාවට වැද පුදා ගැනීමට හැකිවුණා.
The post රුවන්වැලි මහා සෑයේ නව චුඩා මාණික්‍ය පැළඳවීම අද appeared first on ITN News.