ප්‍රධාන වරාය හතරක සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රංශ රජය සමග සාකච්ඡා
මෙරට ප්‍රධාන වරාය හතරක සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රංශ රජය සමග සාකච්ඡා කර තිබෙනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හා ප්‍රංශ රජයේ සංවර්ධනය පිළිබඳ නියෝජිතයින් සමගයි මෙම සාකච්ඡා පැවැත්වුණේ.
ඒ අනුව බේරුවල, ගාල්ල, කුඩාවැල්ල ඇතුලු ධීවර වරාය හතරක් සංවර්ධනය කෙරෙනු ඇති. මෙම වරාය සංවර්ධනය පිළිබඳ සක්‍යතා අධ්‍යයනය අවසන් කර ඇති බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. මේ සඳහා ප්‍රංශ යුරෝ මිලියන 100 සිට 140 දක්වා මුදලක් යෙදවිමට අපේක්‍ෂා කෙරෙනවා. මෙම වරාය සංවර්ධනය කිරීමෙන් පසු දකුණේ ධීවර ජනතාවට පහසුකම් රැසක් සැලසෙනවා.
The post ප්‍රධාන වරාය හතරක සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳ ප්‍රංශ රජය සමග සාකච්ඡා appeared first on ITN News.