මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්
මැතිවරණ සමයේ ක්‍රියාත්මක වියයුතු මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය පිළිබද කතානායක කරූ ජයසූරිය මහතා දැනුවත් කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් කටයුතු කළා. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් කතානායකවරයා හමුවූ අතර කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකෙරුණා. ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාමකාමී ලෙස පැවැත්වීම තහවුරු කිරීමට මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙසයි මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියේ.
එමෙන්ම දැනට අත්හිටුවා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සම්මත කර දෙන ලෙස ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරණය ස්වාධීනව හා සාධාරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් පියවර මෙහිදී කතානායවරයාගේ ඇගයීමට ලක්වුණා.
The post මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් appeared first on ITN News.