තහනම් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන හා ඒවා අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව
තහනම් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන හා ඒවා අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
පරිසර විනාශයට තුඩුදෙන පොලිතින් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මීට පෙර පියවර ගනු ලැබුවා. එහෙත් එම තහනම කඩ කරමින් ඇතැම් පිරිස් තහනම් පොලිතින් නිෂ්පාදනය සහ අලෙවිය සිදුකරන බවට එම අධිකාරියට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායම් ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීමිවලදී තහනම් පොලිතින් ටොන් එකකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. අතුරුගිරිය , ඔරුවල පිහිටි තහනම් ආහාර දවටන බෙදාහැරීමේ ආයතනයක් හා කොළඹ පීපල්ස් පාර්ක් හි අලෙවිසැල් දෙකක් ද වටලනු ලැබූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. එම වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර පරිසර , වනජීවී , ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ පරිසර සංරක්ෂණය මූලික කර ගනිමින් තිරසර සංවර්ධනය ළගාකර ගැනීමට සෑම දෙනාගේ සහාය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ඉදිරි මාස තුන තුළ ක්‍රියාවට නැංවිය හැකි පරිසර සංරක්ෂණ වැඩසටහන් පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
The post තහනම් පොලිතින් නිෂ්පාදනය කරන ස්ථාන හා ඒවා අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව appeared first on ITN News.