ඉන්දු ශ්‍රී‍්‍ර ලංකා ආරක්ෂක අභ්‍යාසයක්
ඉන්දියාව හා ශ්‍රී‍්‍ර ලංකාව අතර සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් මූලික අවධානය යොමු වියයුතු බව ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සංදු මහතා ප‍්‍රකාශ කළා.
ඒ සඳහා ජාතික ආරක්ෂාව කෙරෙහි ප‍්‍රමුඛ අවධානය යොමු කිරීමයි වැදගත් වන්නේ. මනුෂ්‍යත්වයට එරෙහි තර්ජන වැළැක්වීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලාවේ පැවැති ලලිත් ඇතුලත්මුදලි වාර්ෂික සමරු දේශනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් මහ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේ.
මේ අතර දෙරට අතර ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාසයක් ලබන මාසයේදී පැවැත්වෙන බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා සඳහන් කළා. මිත‍්‍ර ශක්ති අභ්‍යාසය මෙවර හත්වන වරටයි සංවිධාන කර තිබෙන්නේ. දෙරටේ හමුදා අංශවල සහයෝගීතාව වර්ධනය කිරීමත් මූලික අපේක්ෂාවක්. අන්තවාදය හා ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද අභ්‍යාසයේදී අවධානය යොමුවන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
The post ඉන්දු ශ්‍රී‍්‍ර ලංකා ආරක්ෂක අභ්‍යාසයක් appeared first on ITN News.