ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායකයෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායකයෙකු ටී 56 ගිනි අවියක් සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාද්දුව පොතුපිටිය , කඩුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. ටී 56 ගිනි අවියක් හා ඊට යොදන උණ්ඩ 11 ක් සමඟ අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොණ්ඩ චමින්ද නැමැත්තාගේ ගෝලයෙකු බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ. අදාළ වෙඩි තැබීමට සම්බන්ධ මෙම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පානදුර නීතිය බලගැන්වීමේ ඒකකය පවසනවා.
The post ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහායකයෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.