සහන පොළී ණය යෝජනා ක්‍රම පුළුල් කිරීමට රජයේ අවධානය
සහනදායී පොළී අනුපාත යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් කි‍්‍රයාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
දැනට ආරම්භ කර ඇති එවැනි යෝජනා ක්‍රම සම්බන්ධයෙන් විවිධ ප්රවෘත්ති පළවී තිබෙනවා. කෙසේවෙතත් ආර්ථිකයේ ප්‍රමුඛතා ක්ෂේත්‍ර හදුනා ගනිමින් ඒවා නිසිලෙස සැලසුම් කිරීමයි රජයේ ස්ථාවරය. ඒ අනුව ප්‍රතිපත්ති වලට අනුකූල වන ආකාරයෙන් එම ණය යෝජනා ක්‍රම නැවත සමාලෝචනයට හා ප්‍රතිසංවිධානය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළා.
විධිමත් අධ්‍යයනයකින් අනතුරුව ඒවා එලදායී ආයෝජන අරමුණු කරගනිමින් කි‍්‍රයාත්මක කිරීමට රජය පියවර ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වාදුන්නේ.
The post සහන පොළී ණය යෝජනා ක්‍රම පුළුල් කිරීමට රජයේ අවධානය appeared first on ITN News.