ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ සිදුවූ පිපිරීම් තුනකින් පුද්ගලයන් 6 දෙනෙක් මියගියා.
තවත් 15 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. යතුරුපැදි තුනක බෝම්බ අටවා එය පුපුරුවා හැර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ. ඉරාකයේ විරෝධතා ව්‍යාපාර ද උත්සන්නවී තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් 330 කට වැඩි පිරිසක් මියගියා. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉරාක වාර්තා සඳහන් කළේ. රජයේ කි‍්‍රයාමාර්ග වලට එරෙහිව ඔවුන් වීථි බැස උද්ඝෝෂණවල නිරතව සිටිනවා.
The post ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වෙයි appeared first on ITN News.