යාපනය විශ්වවිද්‍යාලය දින දෙකකට සිසුන්ට තහනම්
යාපනය විශ්වවිද්‍යාල භූමියට අද සහ හෙට දෙදින තුළ සිසුන්ට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම්කර ඇති බව එම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා.
අද සහ හෙට දෙදින යාපනය විශ්වවිද්‍යාලයේ දේශන කිසිවක් නොපැවැත්වෙන බව එම විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා වන මහාචාර්ය කේ කන්දසාමි මහතා පවසනවා. එම දෙදින තුළ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කිසිඳු උත්සවයක් හෝ වෙනත් කාර්යයක් සිදුකිරීමට ඉඩකඩ නොමැති බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සියලු සිසුන්ට දැනුම්දී ඇත්තේ.
මේ අතර අදට යෙදී ඇති මියගිය කොටි සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් සැළසුම්කර තිබූ බව මීට පෙර වාර්තාවී තිබුණා. කෙසේ වුවද මෙවර කොටි සැමරුම් උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි රජය මීට පෙර නිවේදනය කර තිබුණේ.
The post යාපනය විශ්වවිද්‍යාලය දින දෙකකට සිසුන්ට තහනම් appeared first on ITN News.