ඕමානයේදි විවිධ හිංසනයන්ට ලක් වු ගෘහ සේවිකාවන් 42ක් යළි දිවයිනට
ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී විවිධ හිංසනයන්ට ලක්වූ මෙරට ගෘහ සේවිකාවන් හතළිස් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණියා.
ඔවුන් වසර දෙකකට අඩු කාලයක් ඕමානයේ සේවය කළ ද වැටුප් ලැබී නොමැති බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ. එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි මෙම ගෘහසේවිකාවන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන්. ගෘහ සේවිකාවන්ට හිමි වැටුප් ඒජන්සිකරුවන් මගින් ලබාගෙන ඇතැයි ද ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළා.
The post ඕමානයේදි විවිධ හිංසනයන්ට ලක් වු ගෘහ සේවිකාවන් 42ක් යළි දිවයිනට appeared first on ITN News.