නිපුණතා සංවර්ධන ඇමති රාජකාරි අරඹයි
වෘත්තීය නිපුණතාවන්ගෙන් හෙබි දරුපරපුරක් රටට දායාද කිරීමට වත්මන් රජයේ ප්‍රතිපත්ති තුළින් අවධානය යොමුකර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයට පත් දිනේෂ් ගුණවර්ධන මහතා නාරාහේන්පිට නිපුණතා පියසේ දී රාජකාරි නිල වශයෙන් ආරම්භ කළා. ඉන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට ද අමාත්‍යවරයා එක්වුණා.
The post නිපුණතා සංවර්ධන ඇමති රාජකාරි අරඹයි appeared first on ITN News.