සිරියාවේ කාර් බෝම්බ පිපිරීමක්
සිරියාවේ කාර් බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 17 දෙනෙක් මියගියා.
තවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුර්කි ආරක්ෂක අංශ යටතේ පවතින ප්රදේශයකටයි ප්රහාරය එල්ලවී තිබෙන්නේ. එහි වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. එහෙත් කුර්දි කැරලිකරුවන් ඊට වගකිව යුතු බවයි තුර්කිය පවසන්නේ.
පිපිරීමත් සමඟ රථ වාහන රැසකට අලාභ හානි සිදුව තිබෙනවා. සිරියාවේ ප්රචණ්ඩත්වය හේතුවෙන් සිවිල් වැසියන් ඝාතනයවීම කණගාටුදායක තත්වයක් බවයි එංගලන්තය පදනම් කරගත් සිරියා මානව හිමිකම් සංවිධාන සඳහන් කළේ.
The post සිරියාවේ කාර් බෝම්බ පිපිරීමක් appeared first on ITN News.