වෙන්නප්පුව කොලින්ජාඩිය ප්‍රදේශයේ වැසි ජලයෙන් පීඩාවට පත්වන ජනතාවට ස්ථීර විසදුමක්
වෙන්නප්පුව කොලින්ජාඩිය ප්‍රදේශයේ වැසි ජලයෙන් පීඩාවට පත්වන ජනතාවට ස්ථීර විසදුමක් ලබාදීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කටයුතු කළා.
සුලු වර්ෂාවකදී පවා ජලයෙන් යටවන කොලින්ජාඩිය ගම්මානයේ ජනතාව වසර ගණනාවක සිට මෙම ගැටලුවෙන් පීඩා විදිමින් සිටියා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් මේ සඳහා ස්ථීර විසදුමක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවුණා. මෙමඟින් පවුල් 300 කට සෙත සැලසෙන අතර ජලය විධිමත්ව බැසයාමට හැකිවන පරිදි නල මාර්ගවලින් එම ජලය මුහුදට ගලායාමට සැළැස්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
The post වෙන්නප්පුව කොලින්ජාඩිය ප්‍රදේශයේ වැසි ජලයෙන් පීඩාවට පත්වන ජනතාවට ස්ථීර විසදුමක් appeared first on ITN News.