කසල වලින් තොර පිරිසිදු නගර නිර්මාණය කිරීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි
කැළිකසලවලින් තොර අලංකාර පිරිසිදු නගර නිර්මාණය කිරීමේ වැඩසටහන දිවයින පුරා මේ වනවිට ක්‍රියාත්මක වනවා. පොලීසිය සමග සිවිල් සංවිධාන රැසක් මෙම කටයුත්තට එක්ව සිටිනවා.
පිරිසිදු රටක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය වීමක් ලෙස මෙසේ දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ පිරිසිදු කිරිම් ක්‍රියාත්මක කෙරෙනවා. වව්නියාව පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. කසල වලින් තොරව අලංකාර නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා ද බෙදාදීම සිදුකෙරුණා.
නුවරඑළිය, ග්‍රෙගරි වැව අවට ප්‍රදේශයේ ද අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නුවරඑළිය පොලීසියේ මැදිහත්වීමෙන්. සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන නුවරඑළිය දිස්ත්‍රික්කය ආකර්ශනීයව නිර්මාණය කිරීම ද මේ යටතේ සිදුකෙරෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර ව්‍යාපෘති වැඩසටහන අද ආරම්භ කෙරුණේ ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍ය අභියසින්. අනුරාධපුර පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, මහා නගර සභාව මෙන්ම ගුවන් හමුදාව මෙම ව්‍යාපෘතිය සදහා සහාය ලබාදෙනවා.
ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් කෑගල්ල නගරයේදී ක්‍රියාත්මක කෙරුණා. අත්පත්‍රිකා බෙදමින් පරිසරය පිරිසිදුව තබාගැනීම පිළිබදව මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා.
කන්තලේ පොලීසියේ සහභාගීත්වයෙන් කන්තලේ නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද අද දිනයේ ක්‍රියාත්මක කෙරුණා.
The post කසල වලින් තොර පිරිසිදු නගර නිර්මාණය කිරීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.