අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 8 යි
අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 8 ක් සපිරෙනවා. දැනට ඉදිකර ඇති අධිවේගී මාර්ගවලින් උපයා ඇති මුදල රුපියල් බිලියන 38 කට අධිකයි. අධිවේගී මාර්ග පද්ධතිය හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභවලට වඩා වෙනත් ක්ෂේත්‍රවලින් ද අධික ප්‍රතිලාභ අත්වී ඇති බව දැන් රහසක් නොවේ.
2009 වසරේ ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමග රටම දැවැන්ත සංවර්ධන සංග්‍රාමයකට ලක් කෙරුණා. ඒ වන තෙක් විදේශයකදී අධිවේගී මාර්ගයක් දැක ඇති ශ්‍රී ලාංකිකයින් වන අපගේ අධිවේගී මාර්ග සිහිනය සැබෑ වුණේ 2011 වසරේ අද වැනි දිනකයි. කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය එදින විවෘත කෙරුණා. එම ආශ්චර්යයේ පිවිසුම වෙනුවෙන් රජය රුපියල් කෝටි හත්දහසක් වැය කළා. විවිධ අවලාද අපවාද මධ්‍යයේයි මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරුණේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහත් කැපවීම මෙම යෝධ සංවර්ධනයේදී කැපී පෙනුණා. ඉන් නොනැවතී තවත් මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කෙරුණේ රටම එකම අධිවේගී මර්ග ජාලයකට සම්බන්ධ කරමින්. කොළඹ කටුනායක මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කඳුරට හා උතුරු අධිවේගී මාර්ගය මේ අතුරින් කිහිපයක් වනවා. දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම ද තවත් ව්‍යාපෘතියක්.
මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන වසරේ විවෘත කිරීමට නියමිතයි. එමෙන්ම මෙම මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටස ද ඉදිකෙරෙමින් පවතිනවා. අධිවේගී මාර්ගවලින් මේ වන විට රුපියල් බිලියන 38 කට අධික මුදලක් උපයා තිබෙනවා. ජනතාවගේ වටිනා කාලයට උපරිම අගයක් දෙන අධිවේගී මාර්ග හේතුවෙන් මැනිය නොහැකි තවත් ප්‍රතිලාභ රැසක් අප බුක්ති විඳිනවා. අභියෝග හා අපහාස මැද 2011 වසරේ අද වැනි දිනක ජනගත කෙරුණු මෙරට අධිවේගී මාර්ග සංස්කෘතිය හේතුවෙන් ලැබුණු ප්‍රතිලාභ මිල කළ නොහැකි බවයි කෘතගුණ දන්නා ජනතාව සඳහන් කරන්නේ.
The post අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 8 යි appeared first on ITN News.