බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් ඉස්ලාමීය සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම
බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට 2016 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉස්ලාමීය සැකකරුවන් 7 දෙනෙකුට එරට අධිකරණය මගින් මරණ දඩුවම නියම කළා.
2016 වසරේ ජූලි පළමුවනදා ඩකා අගනුවර ආටිසාන් අවන්හලට ආයුධ සන්නද්ධ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පස් දෙනෙකු කඩාවැදුනා. එම අවන්හලේ සිටි විදේශිකයින් වැඩි පිරිසක් මෙම ත්‍රස්ත ප්‍රහාරයට බිලිවුණා. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාර සහ බෝම්බ ප්‍රහාරවලින් විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෙම ප්‍රහාරයේ වගකීම අයිඑස් ත්‍රස්ත සංවිධානය භාරගත්තා. කෙසේ නමුත් බංග්ලාදේශයේ ක්‍රියාත්මක වූ අන්තවාදී කල්ලියක් මෙම ප්‍රහාරය සිදුකර තිබෙනවා.
The post බංග්ලාදේශයේදී අත්අඩංගුවට ගත් ඉස්ලාමීය සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම appeared first on ITN News.