හේමසිරි ඇපමත මුදා හරින්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වාගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම ලබන 17 වනදා සලකා බැලීමට නියමිතයි. පෙත්සමේ වතඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වකරුවන්ට මීලග නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කළා. මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොණු කළ ප්‍රතිශෝධන පෙත්සමද මීලග දිනයේ සළකා බැලීමට නියමිතයි.
The post හේමසිරි ඇපමත මුදා හරින්නැයි ඉල්ලා ගොණුකළ පෙත්සම සලකා බැලීමට අධිකරණය දින දෙයි appeared first on ITN News.