ජනතාව පීඩාවට පත්කළ බදු රැසක් අහෝසි කරමින් පළමු කැබිනට් රැස්වීමේදීම සහන
නව රජයේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී.
ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් වුණා. ජනතාව පීඩාවට පත් කළ බදු රැසක් අහෝසි කරමින් සහන සැළසීමට පළමු කැබිනට් රැස්වීමේදීම තීරණය කොට තිබෙනවා. නව කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත් කෙරුණු ආචාර්ය බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් නව රජයේ පළමු කැබිනට් මාධ්‍ය හමුව පවත්වමින් කරුණු හෙලි කළා.
රටේ ජනතව වෙත පැටවී තිබු බදු බර නිදහස් කිරීම සඳහා බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව පැවසීය.
වහාම ප්‍රතිලාභ ලැබෙන පරිදි, පනවා තිබු බොහෝ බදු ඉවත් කිරීමට තීරණය ගෙන ඇති බව මෙහි දී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
ඒ අනුව, ගෘහස්ථ භාණ්ඩ හා සේවා මත අය කෙරෙන ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මුල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපල මත අයකරන ප්‍රාග්ධන ලාභ බද්ද, උපයන විට අයකරන අදායම් බදු, සහධිපත්‍ය දේපළ මත පැනවෙන වට බද්ද, උපයන විට ගෙවීම් සඳහා වන අදායම් බදු, පොලී මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු,ණය සේවා බදු යනාදී සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර ඇති බව මෙහි දී ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම, රේගුවේ දී අය කෙරෙන ජාතිය ගොඩනැඟීමේ බද්ද වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද හා ඒකාබද්ධ කෙරෙන අතර දේශීය ආර්ථිකය ආරක්ෂා කිරීම පිණිස අදාල අනුපාතිකය 10% කිරීම ද සිදු කෙරෙන බවත්, ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් පරිදි දැනට පවතින 17% ක් ව පැවති (VAT 15% + ජාතිය ගොඩනැඟීමේ බද්ද 2%) වක්‍ර බදු 2019 දෙසැම්බර් මස 01 වන දා සිට 8% දක්වා අඩු කරන බවත් මෙහි දී සඳහන් කෙරිණි.
VAT අය කිරීමේ දී පෙර දී අගයනුකුල බද්ද අය කරන විට පිරිවැටුප මිලියන 01 ට පැවති දසලක්ෂයකට VAT ය කරනු ලැබූ අතර මෙමඟින් මසකට මිලියන 25 කට වඩා වැඩිනම් පමණක් දෙසැම්බර් මස 01 දා සිට VAT බද්දට යටත් වන බවත්, එමඟින් සුළු හා ඇතැම් විට මාධ්‍ය පරිමාණ ව්‍යාපාරත් වර්ෂය කට මිලියන 300 පිරිවටුපක් නොමැතිනම් VAT බදු සඳහා යටත් නොවන බවත් කියා සිටි අමාත්‍යවරයා ඉදිකිරීමේ ක්ෂේත්‍රය සඳහා අය කෙරෙන අදායම් බද්ද 28% සිට 14% දක්වා අඩු කිරිමටත්, සියලුම ආගමික ස්ථාන මත (බෞද්ධාගමික / කතෝලික/ හින්දු / ඉස්ලාම් යනාදී ඕනෑම ආගමික සිද්ධස්ථානයක්) අය කරන සියලුම බදු නිදහස් කිරීමටත්, ශ්‍රී ලාංකික විදේශගත රැකියා කරන ශ්‍රමිකයින්ගේ පේෂණ මත පනවා තිබු බද්ද නිදහස් කිරිමටත්, විදුල්ලි සංදේශ ගාස්තු වලට අය කරන බද්ද 25% කින් අඩු කිරීමටත් පියවරගෙන ඇති බවත් ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම, රටේ අදායම වැඩි කර ගැනීම උදෙසා අදායම ගළපා ගැනීම සඳහා කිසිඳු ආකාරයක සුළු පිරිසකගෙන් බදු වැඩි ප්‍රමාණයක් අය කර නොගැනීමට සහ වැඩි පිරිසකගෙන් අඩු බදු ප්‍රතිශතයක් අය කර ගැනීමට කටයුතු කිරීමෙන් අයභාරය වැඩි කර ගැනීමට කටයුතු කිරීමටත්,
රටේ බදු නොවන අදායම (ලාභ/ලාභාංශ පොළී හා කුලී )15% දක්වා වැඩි කරගැනීමට කටයුතු කිරීමට ඉදිරියේ දී පියවර ගැනීමට කටයුතු කරන බවත්, අනවශ්‍ය වියදම් කපා හැරීමටත් තීරණය කර සිටින බවත්, මෙහි දී අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
The post ජනතාව පීඩාවට පත්කළ බදු රැසක් අහෝසි කරමින් පළමු කැබිනට් රැස්වීමේදීම සහන appeared first on ITN News.