පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පේරු රාජ්‍යයේ කුස්කෝ ප්‍රදේශයේදී පාසල් දරුවන් රැගත් බස් රථයකුයි අනතුරට පත්වුණේ. රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බවයි මූලික පරික්ෂණවලින් හෙළි වුණේ. අනතුරෙන් මිය ගිය පිරිස අතර වැඩිහිටියන් 04 දෙනෙකු සහ දරුවන් තුන් දෙනෙකු වනවා. බස් රථය මාර්ගයෙන් පිටතට පැන මීටර් 50 ක ප්‍රපාතයකට පෙරළීගොස් ඇති බව සඳහන්. පේරු රාජ්‍යයේ මාර්ගවල පවතින අයහපත් තත්ත්වය හේතුවෙන් මෙලෙස අනතුරු වැඩි වශයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post පේරු රාජ්‍යයේ බස් රථ අනතුරකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.