ගුරුනගර් ධීවර වරාය ආශ්‍රිත ඇති ගැටළු නිරාකරණයට පියවර
ගුරුනගර් ධීවර වරාය ආශ්‍රිත ඇති ගැටළු නිරාකරණයට අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගත්තා.
ගුරුනගර් ධීවර සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ දේවානන්දා මහතා ගැටළු කිහිපයකට කඩිනමින් විසදුම් ලබාදීමට එකගත්වය පළ කළා. ගුරුනගර් ධීවර වරාය තුළ බෝට්ටු 450 ක් පමණ ඇති බැවින් එම බෝට්ටු ධාවන සඳහා අවශ්‍ය ඩීසල් හා භූමිතෙල් ලබා ගැනීමට අවශ්‍ය ඉන්ධනහලක් නොමැති වීම බරපතල ගැටළුවක් බව ධීවර සමිති නියෝජිතයන් පෙන්වා දුන්නා. එම අවස්ථාවේදීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ ඩග්ලස් දේවාන්නද මහතා ගුරුනගර් ධීවර වරාය තුළ ඉන්ධනහලක් ආරම්භ කරන බවයි ප්‍රකාශ කළේ.
The post ගුරුනගර් ධීවර වරාය ආශ්‍රිත ඇති ගැටළු නිරාකරණයට පියවර appeared first on ITN News.