රාජ්‍ය ආයතනවලට සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය පුද්ගල කමිටුවක්
රාජ්‍ය ආයතන සදහා දක්ෂ සහ සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරිම පිලිබද නිර්දේශ ඉදිරිපත් කිරිමට හය දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත. හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතායි කමිටුවේ සභාපතිත්වය දරන්නේ. සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයස් ගෝමස් , ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන් සෙසු සාමාජිකයන්.
සුදුසුකම්ලත් වෘත්තිකයන් පිලිබද නිර්දේශ මේ වසරේ දෙසැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසයි ජනාධිපති කාර්යාලය කමිටුවට දැනුම්දී තිබෙන්නේ.
The post රාජ්‍ය ආයතනවලට සුදුසුකම් සහිත පුද්ගලයන් පත්කිරීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට සය පුද්ගල කමිටුවක් appeared first on ITN News.