උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව සහල්
එළඹෙන උත්සව සමයේ දී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා දීම සඳහා දැනට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර ලංකා සතොස අලෙවිසල් හරහා වෙළෙඳපොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.