ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි
ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළමු රාජ්‍ය චාරිකාවට අද (28) එක්වෙමින් ඉන්දියාව බලා පිටත්ව ගියා. සාමාන්‍ය මගී පර්යන්තයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ජනාධිපතිතුමා පිටත්ව ගිය බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පවසන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙදින රාජ්‍ය චාරිකාවක් සදහා ඉන්දියාව බලා පිටත්ව ගියා. මෙම චාරිකාවේදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ග් මැතිතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.
ජනාධිපතිතුමා සෙසු ඉන්දීය ප්‍රභූවරුන්ද මුණගැසෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්වුණා.
The post ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි appeared first on ITN News.