සිඩ්නි නුවර මත්පැන් අලෙවිසැල් රාත්‍රියට වැසේ
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර රාත්‍රියට මත්පැන් අලෙවිසැල් හා සමාජ ශාලා ආදිය විවෘතව තබමින් පැවති ක්‍රමය නතර කිරීමට ක්‍රියාත්මක වූ නීති අහෝසි කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
වසර 2014 දක්වා සිඩ්නි නුවර මෙම නයිට් ලයිෆ් හෙවත් රාත්‍රී ජීවිත නමැති ක්‍රමය ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව රාත්‍රියට සමාජ ශාලා, සුරාසැල් ආදිය විවෘතව පැවති අතර ඕනෑම අයෙකුට ඒවාට ගොස් විනෝදවීමේ උපරිම නිදහසක් සලසා තිබුණා. එහෙත් එම ක්‍රමය නතර කරමින් නව නීති හදුන්වාදීම 2014 වසරේදී සිදු කෙරුණා. උපරිම නිදහසක් පැවති කාලයේ ඇතැමුන් මත්ද්‍රව්‍ය පානය කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනුයි මෙසේ නීති පැනවීමට එරට බලධාරින්ට සිදුවුණේ.
The post සිඩ්නි නුවර මත්පැන් අලෙවිසැල් රාත්‍රියට වැසේ appeared first on ITN News.