හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදේශගත වීමට මහාධිකරණයෙන් අවසර
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ ඔහුගේ නීතීඥවරයා කළ ඉල්ලීමකට අනුවයි. දිවිනැගුම අරමුදලේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවකට අදාළව ඒ මහතාගේ විදෙස් ගමන් තහනම් කර තිබුණා.
රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 18 වනදාට සිදු කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළා. ඒ මහතා අයතා ලෙස මුදල් හා දේපල ඉපයූ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.
The post හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදේශගත වීමට මහාධිකරණයෙන් අවසර appeared first on ITN News.