බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග රැසක් රෝහල් වලින් ඉවත් කෙරේ
වසරේ ගතවු කාල සීමාව තුළ තත්වයෙන් බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග 80ක් පමණ රජයේ රෝහල් වලින් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.
මේ මාසයේදි පමණක් ඖෂධ සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග හතරක් භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගත්තේ. ගුණාත්මකභාවයෙන් අඩු ඖෂධ වැඩිම ප‍්‍රමාණය ඉවත් කර ඇත්තේ පසුගිය ජුලි මාසයේ දි. මෙලෙස ඉවත් කරන ඖෂධ වර්ග පිළිබද සැපයුම්කරුවන් දැනුවත් කර ඒ සදහා ගෙවු මුදල් යලි අයකර ගැනීමටයි නියමිත.
The post බාල ඖෂධ, එන්නත් සහ ශල්‍ය ද්‍රව්‍ය වර්ග රැසක් රෝහල් වලින් ඉවත් කෙරේ appeared first on ITN News.